ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 2:40 - Sinhala Revised Old Version

ෂිමෙයි නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමාගේ වැඩකාරයන් සොයන්ට ගාත්හි ආකීෂ් වෙතට ගියේය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිට තමාගේ වැඩකාරයන් ගෙනායේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 2:40
6 හුවමාරු යොමු  

ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.


නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට පලාගියෝය. එවිට: නුඹේ වැඩකාරයෝ ගාත්හි සිටිතියි ෂිමෙයිට දන්වන්ට යෙදුණේය.


ෂිමෙයි යෙරුසලමෙන් ගාත්ට ගොස් දෙවනු ආ බව සාලමොන්ට දන්වනලද්දේය.


ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.


තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.


මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.