1 යොහන් 5:2 - Sinhala Revised Old Version අප දෙවියන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල, අපි දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේමකරන බව අපි දනිමුව. Sinhala New Revised Version දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ දරුවනට අප ප්‍රේම කරන වග අප දැනගන්නේ මෙයිනි: දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙනි. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. |
නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව.
අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.
දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.