එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
1 පේත්‍රැස් 4:6 - Sinhala Revised Old Version මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය. Sinhala New Revised Version මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මිකව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය. Sinhala New Revised Version 2018 මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය. |
එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි.
ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.
මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.
ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේවදූතයෙක් පූජාසනයෙන් පිටත්ව ඇවිත්, මුවහත් දෑකැත්ත ඇතුව සිටිය තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය.