එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
1 තෙසලෝනික 2:7 - Sinhala Revised Old Version එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. Sinhala New Revised Version ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු. සිංහල කාලීන පරිවර්තනය ඔබ ගැන අප කටයුතු කළේ මෘදු අන්දමිනි. ඒ, කිරිමවක ඇගේම දරුවන් සෙනෙහසින් රැක බලාගන්නා සේ ය. Sinhala New Revised Version 2018 ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරුන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු. |
එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.
මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද?
උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක.
දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.
ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි.
මක්නිසාද උන්වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වනසේක. එසේම අපිද උන්වහන්සේ තුළෙහි දුර්වලව සිටින නුමුත් උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් නුඹලා උදෙසා ජීවත්වන්නෙමුව.
මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,
නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.