ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.
1 තෙසලෝනික 1:7 - Sinhala Revised Old Version මෙසේ නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය. Sinhala New Revised Version මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය. සිංහල කාලීන පරිවර්තනය මෙසේ ඔබ මකිදෝනිය හා අකායයෙහි ඇදහිලිවතුන් හැමට ආදර්ශයක් වූහ. Sinhala New Revised Version 2018 මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය. |
ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.
එයින් මකිදෝනියේ නුවරක්වූ, ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්, ඒ නුවර කීප දවසක් නැවතී සිටියෙමුව.
එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:
මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.
මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද අපගේ සහෝදරවූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්:
මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.
මක්නිසාද නුඹලා වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව අප විසින් කිසිවක් කියන්ට ඕනෑ නොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ල සෑම තැනම ප්‍රකාශවිය.
සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද,
නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.
සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,
නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.