1 තිමෝති 4:14 - Sinhala Revised Old Version වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න. Sinhala New Revised Version දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න. සිංහල කාලීන පරිවර්තනය සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මඟින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න. Sinhala New Revised Version 2018 දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න. |
පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.
ඒ ගැන උත්තම පූජකයාද වැඩිමහල්ලන්ගේ මුළු සභාවද මට සාක්ෂි දරති. ඔවුන්ගෙනුත් සහෝදරයන්ට ලියුම් ලබාගන, දමස්කයේ සිටි අයටත් දඬුවම්කරන පිණිස ඔවුන් බැඳ යෙරුසලමට ගෙනෙන්ට එතැනට ගමන්කෙළෙමි.
මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි.
නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.
යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.
සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි.