සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
1 කොරින්ති 7:14 - Sinhala Revised Old Version මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය. Sinhala New Revised Version මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඇදහිලිවතකු නො වූ ස්වාමි පුරුෂයා, ඔහුගේ භාර්යාව නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. ඇදහිලිවන්තියක නො වූ භාර්යාව ඇගේ ස්වාමි පුරුෂයා නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. එසේ නො වී නම් ඔවුන්ගේ දරුවන් අපවිත්‍ර වනු ඇත; එහෙත් ඔවුන් ශුද්ධ ය. Sinhala New Revised Version 2018 මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය. |
සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය.
යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා.
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.