ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.
1 කොරින්ති 7:13 - Sinhala Revised Old Version යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා. Sinhala New Revised Version එසේ ම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම් ඈ ඔහු දික්කසාද නොකෙරේ වා. සිංහල කාලීන පරිවර්තනය යම් ස්ත්‍රියකට ඇදහිලිවන්තයකු නො වූ ස්වාමි පුරුෂයකු සිටී නම්, ඇය හා විසීමට ඔහු මනාප නම්, ඇය ඔහුගෙන් දික්කසාද නො විය යුතු ය. Sinhala New Revised Version 2018 එසේ ම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම් ඈ ඔහු දික්කසාද නොකෙරේ වා. |
ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.
නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.
මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය.