එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
1 කොරින්ති 6:16 - Sinhala Revised Old Version නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version එසේ නොවේ වා. ගණිකාවකට සම්බන්ධ වන තැනැත්තේ කායික ලෙස ඈ හා එක් වන බව ඔබ නොදන්නහු ද? ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි ‘දෙදෙනා ම එක් කෙනෙක් වන්නෝ ය.’ සිංහල කාලීන පරිවර්තනය වෙසඟනක සමඟ එක්වන්නා, ඇය හා එක ශරීරයක් වන වග ඔබ දන්නේ නැති ද? “දෙදෙනා එක මාංසයක් වෙති” යි ලියවිල්ල දක්වයි. Sinhala New Revised Version 2018 එසේ නොවේ වා. ගණිකාවකට සම්බන්ධ වන තැනැත්තේ කායික ලෙස ඈ හා එක් වන බව ඔබ නොදන්නහු ද? ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි ‘දෙදෙනා ම එක් කෙනෙක් වන්නෝ ය.’ |
එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
අපි දේවදූතයන් විනිශ්චයකරන්නෙමුයයි නුඹලා දන්නේ නැද්ද? එසේ නම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චයකරන්ට බැරිද?
මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.
ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.