ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 12:1 - Sinhala Revised Old Version

සහෝදරයෙනි, ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දැන් ආත්මික දීමනා ගැන; සහෝදරයිනි, ඔබ මේ ගැන නො දැන සිටිනවාට නො කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 12:1
9 හුවමාරු යොමු  

සහෝදරයෙනි, වෙන අන්‍යජාතීන් අතරෙහි මෙන් නුඹලා අතරෙහිද මට යම් ඵලයක් ලැබෙන පිණිස මම නුඹලා වෙතට එන්ට නොයෙක් වර අභිප්‍රායකළ බවත් මේ වන තෙක්ම වලකනු ලැබූ බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි.


මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්,


යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් නුඹලාට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා.


එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.


උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.


තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.


නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.