ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.
1 කොරින්ති 11:5 - Sinhala Revised Old Version නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය. Sinhala New Revised Version හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් හිස නො වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ ස්ත්‍රිය තම හිසට නිගරු කරයි. එය ඇගේ හිස මුඩු කරගෙන සිටිනවා වැනි ය. Sinhala New Revised Version 2018 හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය. |
ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.
තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.
මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා.
ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.