එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්‍රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම
1 කොරින්ති 1:26 - Sinhala Revised Old Version මක්නිසාද සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න. Sinhala New Revised Version සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ. සිංහල කාලීන පරිවර්තනය සහෝදරයිනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක සම්මතයට අනුව ප්‍රඥාවත් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. බලවන්තයින් බොහෝ දෙනෙක් හෝ කුලවන්තයින් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. Sinhala New Revised Version 2018 සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ. |
එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්‍රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම
එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.
මම නුඹ තුළ යටහත්වූ දිළිඳුවූ සෙනඟක් ඉතිරිකරන්නෙමි, ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය.
ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.
ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය.
නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.
ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?
අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.
ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.
වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,