ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හොෂෙයා 7:15 - Sinhala New Revised Version

ඔවුන්ට සවිශක්තිය දෙමින් ඔවුන් ඇතිදැඩි කෙළේ මම ය. එහෙත්, ඔව්හු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ට සවිශක්තිය දෙමින් ඔවුන් ඇතිදැඩි කෙළේ මම ය. එහෙත්, ඔව්හු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මමම දැනමුතුකම් දී ඔවුන්ගේ හස්තයන් සවිකළ නුමුත්, ඔව්හු මට විරුද්ධව නපුර යෝජනා කරති.

පරිච්ඡේදය බලන්න



හොෂෙයා 7:15
18 හුවමාරු යොමු  

එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක.


තවද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියන්වරුන්ගේ පාලන බලයෙන් නිදහස් වන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන් සේක. ඉශ්රායෙල් ජනයා පෙර ලෙස තමන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.


දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය. සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.


ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.


ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද?


මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?


සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.


මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.


අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?


“අනේ ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා විනාශ කරදමන්නෙමි. නුඹලාට පිහිට වන්නේ කවරෙක් ද?


ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය.


ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?


දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.


බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.


දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.