ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 9:18 - Sinhala New Revised Version

පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් පළමු ගිවිසුම පවා, ලෙයින් තොරව පිහිටුවනු ලැබුවේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් පළමුවෙනි ගිවිසුමවත් ලේ නැතුව පිහිටුවනු නොලැබුවේය.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 9:18
8 හුවමාරු යොමු  

ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.


පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.


එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


එවැනි ගිවිසුමක් ස්ථීර වන්නේ මරණයෙන් පසු ව ය. ගිවිසුම කළ තැනැත්තා ජීවත් ව සිටිනතුරු එය කොහෙත් ම වලංගු නැත.


මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:


ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.