“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
හෙබ්‍රෙව් 5:6 - Sinhala New Revised Version එලෙස ම වෙන තැනක: “ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි ඒ තැනැන් වහන්සේ වදාරන සේක. සිංහල කාලීන පරිවර්තනය තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.” Sinhala New Revised Version 2018 එලෙස ම වෙන තැනක: “ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි ඒ තැනැන් වහන්සේ වදාරන සේක. Sinhala Revised Old Version එලෙසම වෙන තැනක: නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළ ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේයයි උන්වහන්සේ කියනසේක. |
“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.
ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද?
මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.
එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”
තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.
එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි.