තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.
හෙබ්‍රෙව් 11:29 - Sinhala New Revised Version ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය. සිංහල කාලීන පරිවර්තනය වියළි ගොඩබිමේ ගමන් ගන්නා සේ ජනයා රතු මුහුද මැදින් ගියේ ඇදහිල්ලෙනි; එලෙස යෑමට තැත් කළ ඊජිප්තුවරු දියේ ගිලී මළහ. Sinhala New Revised Version 2018 ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය. Sinhala Revised Old Version ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය. |
තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.
එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.
ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.
ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.
ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත