ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 6:34 - Sinhala New Revised Version

මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි; පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි; පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය; පළිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 6:34
12 හුවමාරු යොමු  

ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී,


ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය.


මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.


කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?


උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි.


ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.


ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.


බබිලෝනියට පහර දෙන පිණිස මම මේදවරුන් පොළඹවන්නෙමි. ඔවුන් රිදී අගය කරන්නේ වත්, රනට ප්‍රිය වන්නේ වත් නැත.


“පූජක ආරොන්ගේ පුත්, එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදි ව සිටි බැවින්, ඒ ලැදිකම නිසා ම, මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.


සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන.


අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?