දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්වා”යි ගාද්ට කී ය.
හිතෝපදේශ 6:3 - Sinhala New Revised Version මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. Sinhala Revised Old Version මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න. |
දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්වා”යි ගාද්ට කී ය.
එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, “ ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.
මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.