එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.
හිතෝපදේශ 3:11 - Sinhala New Revised Version මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න. Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න. Sinhala Revised Old Version මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. |
එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.
දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය. සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.
එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය.
පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.
ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.