දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.
හිතෝපදේශ 25:3 - Sinhala New Revised Version රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය. Sinhala New Revised Version 2018 රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය. Sinhala Revised Old Version උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය. |
දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.
මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”
“නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක.
අතී උසට වත්, මහා ගැඹුරට වත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකට වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් ම දනිමි.
එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.