නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට කපන කාලයේ දී අස්වැන්නක් නැත.
අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.
අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.
අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.
අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි, එහෙත් එය කටට ගන්න පවා කම්මැළි ය.
මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති.
දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.
අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.
සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.