ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 20:11 - Sinhala New Revised Version

ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශවේ.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 20:11
11 හුවමාරු යොමු  

ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය.


පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.


දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.


ඇසීමට කණ ද, බැලීමට ඇස ද යන දෙක ම මැවුයේ සමිඳාණෝ ය.


වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.


ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි. වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.


ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?


මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය.


ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.