ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 17:26 - Sinhala New Revised Version

දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය; උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය; උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 17:26
10 හුවමාරු යොමු  

අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.


එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නො‍ගියොත්, ඔබ සමඟ කිසිවෙකු නො‍සිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය.


මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.


දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.


විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.


හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.


උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: “නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?” කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය.