කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
හබක්කුක් 1:11 - Sinhala New Revised Version තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.” Sinhala New Revised Version 2018 තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.” Sinhala Revised Old Version එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය. |
කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
ඔහු මෙසේ කියයි: “මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය. මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි. ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි.
එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”
එබැවින් රජතුමනි, මාගේ දැනමුතුකම පිළිගැනීමට සතුටු වුව මැනව. දැහැමිකම් කිරීමෙන් ඔබේ පාප ද දිළිඳුන්ට කරුණා කිරීමෙන් ඔබේ අපරාධ ද පහකළ මැනව. එසේ කිරීමෙන් සමහර විට දීර්ඝ කාලයක් ඔබට සාමදානයෙන් සිටින්නට පුළුවන් වනු ඇත.”
එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.
ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.