ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
හග්ගයි 2:15 - Sinhala New Revised Version “නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය. Sinhala New Revised Version 2018 “නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය. Sinhala Revised Old Version එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න, ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්, |
ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.
ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
කිලෝග්‍රෑම් දෙසියයක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නුඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් සියයක් පමණ ය. මිදියුස ලීටර් දෙසියයක් තටාකයකින් ඇදගන්න පිණිස ගිය විට ලැබුණේ සියයක් පමණ ය.
නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න.
ඊට පෙර දවස්වල දී මිනිසුන් හෝ ගවයන් හෝ කුලියට ලබාගැනීමට කිසිවෙකුට වත්කමක් නො වී ය. සතුරු උවදුරුවලට ගොදුරු නොවී ගමන්බිමන් යාමට කිසිවෙකුට නොහැකි විය. අසල්වැසියන් එකිනෙකාට විරුද්ධ ව සිටින්න මම සැලැස්වීමි.
එහෙත්, මම දැන් මේ රටේ ඉතිරි ව සිටින අයට පෙර මෙන් ක්‍රියා නොකරමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේක.
එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.