ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
සෙකරියා 7:3 - Sinhala New Revised Version සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” Sinhala New Revised Version 2018 සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂරෙශෙර්ද රෙගෙම්-මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය. |
ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”
සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ ප්‍රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න.
“දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද?
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.
යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.
ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති; ඔබ අබියස සුවඳ දුම් අල්ලති; පුදසුන් මත දවන යාග පුදති.