ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 14:19 - Sinhala New Revised Version

කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 14:19
5 හුවමාරු යොමු  

හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය.


මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.


ඒ කාලයේ දී ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල කොටා තබනු ඇත. දේව මාලිගාවේ පිසීමට ගන්න භාජන පූජාසන ඉදිරියෙහි ඇති පාත්‍ර මෙන් කැප වූ භාජන වන්නේ ය.


“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.