ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 9:4 - Sinhala New Revised Version

ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔබ ඇතුළු වන්නේ කවර නිවසකට ද, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න.

පරිච්ඡේදය බලන්න



ලූක් 9:4
6 හුවමාරු යොමු  

ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න.


තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න.


තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න.


ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක.


ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.