එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
ලූක් 8:11 - Sinhala New Revised Version “උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය. සිංහල කාලීන පරිවර්තනය “උපමාවේ අරුත මෙයයි: බීජ, දෙවියන්වහන්සේගේ වචනයයි. Sinhala New Revised Version 2018 “උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය. Sinhala Revised Old Version ඉඳින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන්වහන්සේගේ වචනයය. |
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?
මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය.
එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.