උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.
ලූක් 6:4 - Sinhala New Revised Version එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. සිංහල කාලීන පරිවර්තනය ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන් අයුරු?” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. Sinhala Revised Old Version එනම් දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට මිස වෙන කාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි රැගෙන කා, තමා සමඟ සිටි අයටත් දුන් කාරණයවත් නුඹලා කියවා නැද්දැයි කීසේක. |
උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.
එවිට සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් අහකට ගන්න ලද පිදුම් රොටි මිස වෙන රොටි එහි නොතිබුණ බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේ ය. ඒවා අහකට ගන්න ලද්දේ, එම දවසේ දී ම ඒවා වෙනුවට උණු රොටි තබන පිණිස ය.