උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,
ලූක් 5:3 - Sinhala New Revised Version උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඉන් එකකට, සීමොන්ගේ ඔරුවට ගොඩ නැගී, වෙරළින් එය මඳක් එහාට කරන්නැයි ඔහුට පවසා, ඔරුවේ හිඳ ජනයාට උගන්වන්නට වන් සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී, ගොඩින් ටිකක් ඈත්කරන්ට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩහිඳගන සමූහයන්ට ඉගැන්වූසේක. |
උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,
එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි.
සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක.
විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ.
අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක.