තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
ලූක් 14:13 - Sinhala New Revised Version එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න. Sinhala New Revised Version 2018 එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. Sinhala Revised Old Version නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. |
තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.
එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.
එසේ සෙනඟ සියලු දෙන කන්නටත්, බොන්නටත්, කෑම පංගු යවන්නටත්, බොහෝ සේ ප්‍රීතිවන්නටත් පිටත් වී ගියෝ ය. කුමක් නිසා ද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔව්හු තේරුම් ගත්තෝ ය.
දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ; මම වැන්දඹුවන්ගේ සිත ප්‍රීතියෙන් පිනා යාමට සැලැසීමි.
දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.
ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.
උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, “ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි.
ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.
ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙහි ගෙනෙව’යි සිය දාසයාට කී ය.
එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.
එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”
මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි.
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය.
සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.
ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.