එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”
යොහන් 9:5 - Sinhala New Revised Version මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. Sinhala Revised Old Version මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක. |
එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”
එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.
ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “
මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.
එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”
එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත.