යොහන් 8:4 - Sinhala New Revised Version “ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පරපුරුෂ සේවනයේ ගැලෙද්දීමයි. Sinhala New Revised Version 2018 “ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. Sinhala Revised Old Version උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය. |
ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.
එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා,
මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඈ නැවත ගෙනෙනු පිණිස තම වැඩකාරයා ද කොටළුවන් දෙදෙනෙකු ද සමඟ ඈ කරා ගියේ ය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවා ය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේ ය.