ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.
යොහන් 7:6 - Sinhala New Revised Version ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය. Sinhala Revised Old Version එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ. |
ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.
ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක.
තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.
මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ.
ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක.
උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ.