උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
යොහන් 6:65 - Sinhala New Revised Version එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක. |
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.
ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.
පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය.
අපේ සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ අපගේ ඇදහිල්ල ද ප්‍රේමය ද සමඟ අධික ලෙස මට දෙනලද්දේ ය.
විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.