ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.
යොහන් 6:15 - Sinhala New Revised Version තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක. සිංහල කාලීන පරිවර්තනය බලහත්කාරයෙන් තමන් රජකමට පත් කර ගන්නට ඔවුන් අර අඳින බව දැනගත් යේසුස්වහන්සේ, හුදෙකලා වී, යළි කන්දට නැගුණු සේක. Sinhala New Revised Version 2018 තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක. Sinhala Revised Old Version එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක. |
ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.
පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!,
“සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට නො නැඟුණු බවත්, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ.
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.