යොහන් 4:2 - Sinhala New Revised Version (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) සිංහල කාලීන පරිවර්තනය (එහෙත් ඇත්තෙන්ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) Sinhala New Revised Version 2018 (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) Sinhala Revised Old Version උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල, |
ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක.
එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, “ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ.
ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.