යොහන් 3:3 - Sinhala New Revised Version ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. |
“මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි.
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.
ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. “වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති.
සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.
ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.
ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම ඔබට යහපත.
එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.
“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
නිකොදේමුස්, කතා කරමින්, “මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය.
දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.
එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.
එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක.
අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.
එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.
අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්,
උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය.
ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි.
“ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.