ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 19:26 - Sinhala New Revised Version

එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

තම මෑණියන් ද තමන් ප්‍රේම කළ ගෝලයා ද තමන් අසල සිටිනු දුටු යේසුස්වහන්සේ මෑණියන් අමතා, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා යැ” යි පවසා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 19:26
6 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය.


ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.


එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, “ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය.


පේදුරු හැරී, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට, ‘ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ’යි ඇසුවාවූ ද ශ්‍රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය.


මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.


ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය.