ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 19:2 - Sinhala New Revised Version

හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්:

පරිච්ඡේදය බලන්න



යොහන් 19:2
7 හුවමාරු යොමු  

අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති.


ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”


මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.


හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය.


එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. “මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය.