ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 18:15 - Sinhala New Revised Version

ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සීමොන් පේතෘස් හා තවත් ගෝලයෙක් යේසුස්වහන්සේ පසුපසින් ගියහ. එම ගෝලයා උත්තම පූජකයා හඳුනන බැවින්, යේසුස්වහන්සේ සමඟ උත්තම පූජක මැදුරු මළුවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය;

පරිච්ඡේදය බලන්න



යොහන් 18:15
6 හුවමාරු යොමු  

එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,


පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය.


ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය.


ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය.


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.