ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 14:9 - Sinhala New Revised Version

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමඟ සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්–පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද?

පරිච්ඡේදය බලන්න



යොහන් 14:9
16 හුවමාරු යොමු  

අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි.


හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?


‘මම අපවිත්‍ර නොවෙමි’යි ද, ‘බාල් දෙවියන්ට නමස්කාර නොකෙළෙමි’යි ද නුඹ කියන්නේ කෙසේ ද? මිටියාවතේ නුඹ පව් කළ අන්දමත්, එහි නුඹ කළ දේත් දෙස බලන්න. නුඹ ඒ මේ අත දුවන ඔටු දෙනක හා සමාන ය.


උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.


කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?”


ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.


මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.


එසේ ම මා දකින තැනැත්තේ, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි.


ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.


ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක.


එබැවින් ඔව්හු “ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.


අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද?


උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,


ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.


උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.


තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.