ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 13:36 - Sinhala New Revised Version

සීමොන් පේදුරු කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ස්වාමිනි, ඔබතුමා යන්නේ කොහේ දැ?” යි සීමොන් පේතෘස් ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට මා අනුව ඒමට දැන්ම ඔබට බැරි ය. එහෙත් පසුව ඔබ එනු ඇතැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සීමොන් පේදුරු කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සීමොන් පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, ඔබ කොතැනට යනසේක්දැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මා යන තැනට දැන් මා අනුව එන්ට නුඹට බැරිය; නුමුත් පසුව එන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 13:36
8 හුවමාරු යොමු  

දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය;


මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි වාසය කිරීමට ඉඩපහසු තැන් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම් ද? ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි.


එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ.


එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති.


මන්ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි.