වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
යොහන් 11:50 - Sinhala New Revised Version “ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය මුළු ජාතියම විනාශ වනවාට වඩා, ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම ඔබට වඩා හොඳ බව ඔබ වටහා ගන්නේ නැතැ” යි කීවේ ය. Sinhala New Revised Version 2018 “ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය. Sinhala Revised Old Version මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය. |
වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.
මේ කායාපස් වනාහි, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය.
ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මඟක් සෙවී ය. එහෙත් ජුදෙව්වරු මොරගසමින්, “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජයාගේ හතුරෙකි”යි කී හ.
එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.