ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්‍රම් පොහොසතෙකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි.
යොහන් 1:27 - Sinhala New Revised Version එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය. Sinhala New Revised Version 2018 එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. Sinhala Revised Old Version එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය. |
ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්‍රම් පොහොසතෙකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි.
මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.
ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි;
ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, “මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.
ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, “මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.
මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමෙකු ගැන මම කීවෙම් ද? ඒ මුන් වහන්සේ ය;
බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ.
තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.
පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය.