ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 5:9 - Sinhala New Revised Version

“නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය; මක්නිසාද අපි බොහෝ දෙනෙක් වමුයයි ඔහු කීය.

පරිච්ඡේදය බලන්න



මාක් 5:9
7 හුවමාරු යොමු  

එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.”


දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද?


තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය.


ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ.


එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි.


“තාගේ නම කුමක් දැ”යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා, ඔහු, “සේනා”යි කී ය.