මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
මාක් 5:27 - Sinhala New Revised Version ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ගැන ඇසූ ඕ, පිරිස අතරින් පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ සළුවට අත ගැසුවා ය. Sinhala New Revised Version 2018 ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. Sinhala Revised Old Version ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය. |
මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.
ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.
උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.
ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ.
එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ.