ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:34 - Sinhala New Revised Version

ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, ‘අවදි ව ඉන්නැ’යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එය, තම මෙහෙකරුවන් එකිනෙකාට නියමිත වැඩ පවරා, අවදිව සිටින ලෙස දොරටුව මුර කරන්නාට අණ දී, සිය නිවසින් පිට වී චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, ‘අවදි ව ඉන්නැ’යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.

පරිච්ඡේදය බලන්න



මාක් 13:34
17 හුවමාරු යොමු  

ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.


දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට,


ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙ‍ති.


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද, ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට ය.


ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.


“පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.