මාක් 13:33 - Sinhala New Revised Version නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න. සිංහල කාලීන පරිවර්තනය ඒ වෙලාව කොයි වේලේ ඒදෝයි ඔබ නො දන්න බැවින් පරෙස්සම් වන්න! විපරමින් සිටින්න. Sinhala New Revised Version 2018 නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න. Sinhala Revised Old Version ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරන්න. |
එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙසේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”
ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.
සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.
කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.
සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.
“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
පිබිදෙන්න. තවමත් ඉතිරි ව ඇති දේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි, සම්පූර්ණ යයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ.